Showing posts with label විශේෂාංග ලිපි. Show all posts
![]() ![]() |
විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ |
උඩුගම්පල ඉහළ උග්ගල්බොඩ බුදුගල්ගොඩ පුරාණ විහාරස්ථානය මනස්කාන්ත ගිරි මුදුනක පිහිටා තිබෙන පැරැණි පූජා භූමියකි. ජනප්‍රවාදයට අනුව කියැවෙන්නේ උඩුගම්පල ප්‍රදේශයේ හිටපු රජකෙනකු වූ සකලකලාවල්ලභ රජුගේ පාලනයට මෙම භූමිය නතුව තිබූ බවයි. අතීතයේ පටන් මෙබිම ප්‍රසිද්ධ වී තිබෙන්නේ බලගතු දේවාල භූමියක් වශයෙනි. මෙකලද බැතිමතුන් විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ යන දෙවිවරුන් වෙත භාර හාරවීමට ඒ ඒ අදාළ දිනයන්හිදී පැමිණෙන බව සැලයි.
ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙම රමණීය බිමෙහි විහාරස්ථානය පිහිටුවීමට මුලින්ම කටයුතු කර තිබෙන්නේ දුන්කන්නාවේ සීවලී හිමිපාණන් ය. උන්වහන්සේගෙන් පසුව විහාරස්ථානයට වැඩම කළ කනෝයායේ සාරානන්ද හිමිපාණන් ප්‍රදේශයේ දායක පිරිස සමඟ එකතුව විහාරස්ථානය අංගසම්පූර්ණ ලෙස ගොඩනඟා ඇත.
අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ
චෛත්‍ය ගර්භයේ ඉදිකළ බුදුමැඳුර විවෘත කිරීම සිදු කෙරුණේ කල්‍යාණි සංඝ
සභාවේ ගම්පහ දිසාවේ සංඝනායක ඒකල වාලුකාරාමාධිපති අතිපූජ්‍ය නාරම්පනාවේ
විමලජෝති නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි මාසයේදී ය. චෛත්‍ය
ගර්භයේ ඉදිකළ බුද්ධමන්දිරයේ විශේෂත්වයක් වන්නේ මියන්මාරයෙන් වැඩම කරවන
ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එහි වැඩ හිඳීමයි. එම බුද්ධ
ප්‍රතිමා වහන්සේ, රන්මුවා පිළිම වහන්සේ සහ රන්මුවා කරඬු ආදිය
චෛත්‍යගර්භය පුරා සිව්දෙසින් දර්ශනය වන සේ විශේෂ කැඩපත් බිත්ති පූරා
සකස්කර තිබේ. එයින් සියලු ප්‍රතිමා ත්‍රිමාණරූපාකාරයෙන් දෘෂ්‍යමාන වේ.
මෙම බුදුමැදුරට පිවිසෙන සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය තීව්‍ර
වන්නේ ය. එතරම් අසිරිමත් බුද්ධමන්දිරයකි.
![]() |
ස්වභාවිකව පිහිටි පොකුණු |
![]() | |
චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට වැඩම කළ නාරම්පනාවේ විමලජෝති නාහිමිපාණන්, නැදගමුවේ විජයමෛත්‍රී හිමිපාණන් සහ විහාරාධිපති කනෝයායේ සාරානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝයා වහන්සේ |
![]() |
විහාරාධිපති කනෝයායේ සාරානන්ද හිමි |

රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා
ථුපය ආදී නම් වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම
ගෞරවයට පත් වූ ස්තූපය වේ.
එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකිරීමයි.
මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේ කුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන් රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපය තනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපය මහා ථුපය නමින් ප්‍රකට විය.
ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගත වුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී. එදා පටන් සිංහල රජදරුවන් මහා ථුපය වැඩි දියුණු කරන ලදී. අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ එල්ලවූ චෝල ආක්‍රමණයෙන් ස්තූපය සහිත විහාරාරාම වලට හානි සිදුවිය. පොළොන්නරු යුගයේ නැවත රට එක්සේසත් කල මහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ආදී සිංහල රජ දරුවන් ස්තූපය තිබු පරිදි ප්‍රතිසංස්කරණය කරන ලදී. නිශ්ශංක මල්ල රජු ද ස්තූපය වැඩිදුර පිළිසකර කර ස්තුපයේ දකුණු මළුව මත ඇති ස්තුප ආකෘතිය ගොඩනගන ලදී.
පසු කාලීනව ලක්දිවට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජධානිය ලක්දිව නිරිත දෙසට සංක්‍රමනයත් සමග රජරට වනගත විය. බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය යුගයේ නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය විසින් මහත් උත්සාහයෙන් නැවත ප්‍රතිසංස්කරණය කොට 1940 ජුනි මස 17 වන දින රුවන්වැලි සෑයේ චුඩා මාණික්‍යය පළදවන ලදී. නව ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. පරිමාණය අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චුඩා මාණික්‍යයයේ උස අඩි 25 කි. රත්නමාලි ස්තුපය අක්කර පහක හතරැස් මළුවක් මත පිහිටා ඇත. මළුවේ එක් පැත්තක දිග අඩි 456 කි. ඒ වටා තිබු පුරණ අත් පවුර වෙනුවට අළුත් ඇත් පවුරක් තනා ඇත. පැරණි ඇත් පවුරේ කොටසක් අලුත්වැඩියා නොකොට බස්නාහිර පැත්තේ ඉතිරි කර තිබේ. දෝණයක් සර්වඥ ධාතු නිදන් කර ඇති ස්වර්ණමාලි මහා ථුපය දිවමන් බුදුරජාණන් වහන්සේ සම වූ මහා පුජනිය වස්තුවකි.

ස්වර්ණමාලි මහා ථුපය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විදේශිකයකුගේ කැමරා ඇසින් (1873)

අති පුජ්‍යය නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය මගින් ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය කෙරෙමින්

ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය පසු වර්තමානයේ

කවදාවත් මේ වැරැද්ද කරන්න එපා | kawadawath me waradda karanna epa
Posted by Unknown
Tag :
විශේෂාංග ලිපි,
සිතන්නට යමක්

හිතට දැනුන දේ කියල යන්න....
හැමෝටම බලන්න Share එකක් දානවනම්
සමහර විට කෙනෙක්ගේ ජිවිතේ වෙනසක් කරන්න
ඔයාලත් දායකඋනා වෙන්න පුළුවන්...... :) ජයවේවා ~