- See more at: http://www.mrdumiya.com/2013/12/translate-widget.html#sthash.13kHfdMl.dpuf

Showing posts with label ආවේණික. Show all posts





විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ

 උඩුගම්පල ඉහළ උග්ගල්බොඩ බුදුගල්ගොඩ පුරාණ විහාරස්ථානය මනස්කාන්ත ගිරි මුදුනක පිහිටා තිබෙන පැරැණි පූජා භූමියකි. ජනප්‍රවාදයට අනුව කියැවෙන්නේ උඩුගම්පල ප්‍රදේශයේ හිටපු රජකෙනකු වූ සකලකලාවල්ලභ රජුගේ පාලනයට මෙම භූමිය නතුව තිබූ බවයි. අතීතයේ පටන් මෙබිම ප්‍රසිද්ධ වී තිබෙන්නේ බලගතු දේවාල භූමියක් වශයෙනි. මෙකලද බැතිමතුන් විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ යන දෙවිවරුන් වෙත භාර හාරවීමට ඒ ඒ අදාළ දිනයන්හිදී පැමිණෙන බව සැලයි.

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙම රමණීය බිමෙහි විහාරස්ථානය පිහිටුවීමට මුලින්ම කටයුතු කර තිබෙන්නේ දුන්කන්නාවේ සීවලී හිමිපාණන් ය. උන්වහන්සේගෙන් පසුව විහාරස්ථානයට වැඩම කළ කනෝයායේ සාරානන්ද හිමිපාණන් ප්‍රදේශයේ දායක පිරිස සමඟ එකතුව විහාරස්ථානය අංගසම්පූර්ණ ලෙස ගොඩනඟා ඇත.

මියන්මාරයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ
 අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ චෛත්‍ය ගර්භයේ ඉදිකළ බුදුමැඳුර විවෘත කිරීම සිදු කෙරුණේ කල්‍යාණි සංඝ සභාවේ ගම්පහ දිසාවේ සංඝනායක ඒකල වාලුකාරාමාධිපති අතිපූජ්‍ය නාරම්පනාවේ විමලජෝති නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි මාසයේදී ය. චෛත්‍ය ගර්භයේ ඉදිකළ බුද්ධමන්දිරයේ විශේෂත්වයක් වන්නේ මියන්මාරයෙන් වැඩම කරවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එහි වැඩ හිඳීමයි. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ, රන්මුවා පිළිම වහන්සේ සහ රන්මුවා කරඬු ආදිය චෛත්‍යගර්භය පුරා සිව්දෙසින් දර්ශනය වන සේ විශේෂ කැඩපත් බිත්ති පූරා සකස්කර තිබේ. එයින් සියලු ප්‍රතිමා ත්‍රිමාණරූපාකාරයෙන් දෘෂ්‍යමාන වේ. මෙම බුදුමැදුරට පිවිසෙන සැදැහැවතුන්ගේ බුද්ධාලම්භන පී‍්‍රතිය තීව්‍ර වන්නේ ය. එතරම් අසිරිමත් බුද්ධමන්දිරයකි.

 ස්වභාවිකව පිහිටි පොකුණු

චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ
අවස්ථාවට වැඩම කළ නාරම්පනාවේ විමලජෝති නාහිමිපාණන්,
 නැදගමුවේ විජයමෛත්‍රී හිමිපාණන් සහ විහාරාධිපති
 කනෝයායේ සාරානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝයා වහන්සේ

විහාරාධිපති කනෝයායේ සාරානන්ද හිමි



Welcome to My Blog

Popular Post

Blogger templates